ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්, පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ඔක්තෝබර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.
ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්, පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.
 
        Reviewed by News Hub
        on 
        
October 01, 2024
 
        Rating: 
 
        Reviewed by News Hub
        on 
        
October 01, 2024
 
        Rating: 


  
No comments: