මිනිස්සුන්ට බරක් නොදැනෙන්න ගෑස් මිල පාලනය කළ ක්‍රමය මෙන්න

 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඔක්තෝම්බර් පළමුවෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ අතර ඒ අනුව 92 පෙට්‍රල් රු.04 කින්, 95 පෙට්‍රල් රු.03 කින්, ඔටෝ ඩීසල් රු.10 කින් සුපර් ඩීසල් රු.62 කින් සහ භූමිතෙල් රු.11 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක් රු.365ක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර 95 පෙට්‍රල් ලීටරයක මිල සදහන් වන්නේ රු. 420 ක් ලෙසයි. එසේම ඔටෝ ඩීසල් වල නව මිල රු. 351 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක් රු.421 ක් ලෙසත් භූමිතෙල් ලීටරයක් රු.242 ක් ලෙසත් ඉහල ගොස් තිබෙනවා. මේ නිසා ඉදිරියේදී බස් සහ ත්‍රීවිල් ගාස්තු වලද වැඩිවීමක් සිදු වීමට නියමිත බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

ඇමරිකාව තුල වේගයෙන් ඉහල යන උද්ධමනය, යුක්‍රේන සහ රුසියා යුද්ධය, කොරෝනා වසංගතයෙන් පසු චීනයේ ආර්ථිකය විවෘත වීම නිසා ඇති වූ දැඩි එල් පී ගෑස් ඉල්ලුම වගේම ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය විසින් ගණු ලබන විවිධාකාර තීන්දු සහ තීරණ නිසාත් නොසිතූ විරූ අයුරින් ලෝක එල් පී ගෑස් වෙළදපලේ මිළ ඉහල යාම පිළිබදව මාස කිහිපය පුරාම වාර්තා වුනා. 2023 වසරේ අගෝස්තු මාසයේ ඇමරිකාවේ ගෑස් ගැලුන් එකක මිල 3.86 ක් ලෙස සදහන් වුනත් ඊට පෙර සතියේ ගෑස් මිල වාර්තා වී තිබුනේ ගෑස් ගැලුන් එකක මිල ඩොලර් 3.85 ක් ලෙසයි. මෙම දත්ත වලට අනුව සාමාන්‍යයෙන් වර්ෂයක් තුල වැඩිවෙන ගෑස් මිලට වඩා 22% ක වැඩි වීමක් මෙම වසර මැද සිදු වී ඇති බව ආර්ථික විශේෂඥයන් වැඩි දුරටත් පෙන්වා දුන්නා. මේ තත්වයන් නිසා ගෑස් මිල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යද්දීත් ශ්‍රී ලංකාවේ ජනතාවට එම දැඩි පීඩනය එල්ල වීම වැලැක්වීමට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතීත්වය සහ කළමණාකාරීත්වය කටයුතු කළා. ඒ අනුව අගෝස්තු මාසය වන තුරුම නිවරදි කළමණාකාරීත්වය නිසා මිල ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් සහ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහල යද්දීත් මිල ස්ථාවරව තබා ගන්නට ලිට්රෝ සමාගම කටයුතු කලා. ලෝක වෙළදපලේ මිල ඉහල යාම නිසා පසුගිය මාසයේදී රු.2982 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 145 කින් පමණක් ඉහළ දැමුණු අතර එහි නව මිල වාර්තා වුනේ රු.3127 ක් ලෙසයි. ලෝක වෙළදපලේ ගෑස් මිල නොසිතූ විරූ අයුරින් ඉහළ යද්දීත් එම තත්වය පාලනය කරමින් සහ ඉතා සුළු අගයකින් ඉහළ දමමින් තමන්ගේ පාරිභෝගික ජනතාවට සලසන සහනය උද්ධමනය නිසා පීඩා විදින ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් බවට පත් වී තිබෙනවා.
මිනිස්සුන්ට බරක් නොදැනෙන්න ගෑස් මිල පාලනය කළ ක්‍රමය මෙන්න මිනිස්සුන්ට බරක් නොදැනෙන්න ගෑස් මිල පාලනය කළ ක්‍රමය මෙන්න Reviewed by thilinadanushka on October 05, 2023 Rating: 5

No comments:

Powered by Blogger.