උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි
අපොසස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය.
කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණ වීම මෙම අවලංගු කිරීමට හේතුව බවත් ඒ පිළිබඳව කළ විමර්ශනයේදී එය සාමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බව තහවුරු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල් කීය.කිසිඳු අපේක්‍ෂකයෙක්ට අසාධාරණයක් නොවීම සඳහා එම විභාග ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටිය යුතු යැයි තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
එම ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටින දිනය පසුව දැනුම් දෙන බව ද කියන විභාග කොමසාරිස්වරයා දැන් පැවැ්තවෙන උසස් පෙළ විභාගය අවසන් වූ වාහාම එම ප්‍රශ්න පත්‍රය නැවත පවත්වන බව ද සඳහන් කළේය.
Reviewed by Idapz Digital
on
January 13, 2024
Rating:
No comments: