උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (31) නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙවර පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටි බවත් ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් වන අතර 40,556ක් පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
(ඩී.ජී.සුගතපාල, බී.එච්.රම්‍යා, රංජිත් රාජපක්ෂ, කේ බුද්ධික කුමාරසිරි, සුමිත් පොතුපිටිය, සෝමසිරි හිඟුරල ආරච්චි)
උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ඇහැලියගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ කිරුලු පල්ලියගුරු සිසුවා
උසස් පෙළ විභාගයේ ජිව විද්‍යා අංශයේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල සංඝමිත්තා විදුහලේ පහන්මා උපනි ලෙනෝරා සිසුවිය.
උසස් පෙළ විභාගයේ කලා අංශයේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ටසුන් රිද්මික විතානගේ සිසුවා.
උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ගිනිගත් හෙන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ සිසුවිය.
උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ. චිරාත් නිරෝධ සිසුවා.
උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය
Reviewed by Idapz Digital
on
May 31, 2024
Rating:






No comments: