ආසියානු පැරා ක්රීඩා උලෙළ: එම්. සෆ්රාන් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
ජපානයේ නගෝයාහි පැවැත්වෙන 5 වැනි ආසියානු පැරාලිම්පික් ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාවට පළමු පදක්කම දිනා දීමට එම්. සෆ්රාන් සමත් වෙයි. T47 කාණ්ඩයේ පිරිමි දුර පැනීමේ ඉසව්වට එක් වූ සෆ්රාන් මීටර් 6.55ක දුරක් සටහන් කරමින් මෙම ලෝකඩ පදක්කම ජයග්රහණය කළේය.
මෙම ඉසව්වට සහභාගි වූ අනෙක් ශ්රී ලාංකික ක්රීඩකයන් වන යූසුප් සල්මාන් (මීටර් 6.40) 4 වැනි ස්ථානයත්, බුද්ධික ඉන්ද්රපාල (මීටර් 6.11) 5 වැනි ස්ථානයත් දිනා ගත්හ. ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ නිෂාද් කුමාර් (මීටර් 7.11) හිමි කරගත් අතර රිදී පදක්කම උස්බෙකිස්තානයේ ඔමාද්බෙක් කසානොව් (මීටර් 6.99) සතු විය.
ගායනී ශ්රී නිශ්ශංක
ආසියානු පැරා ක්රීඩා උලෙළ: එම්. සෆ්රාන් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Reviewed by Idapz Blog
on
October 20, 2026
Rating:
Reviewed by Idapz Blog
on
October 20, 2026
Rating:

No comments: