ගෑස් බෙදාහැරීම අඛණ්ඩව.


දිවයින පුරා පවතින ගෑස් සැපයුම් බාධාවන් නිරාකරණය කිරීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.


එම වැඩපිළිවෙළ යටතේ, ඔක්තෝබර් 16, 17 සහ 18 යන දින තුන තුළදී පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ බව සමාගම පවසයි. එසේම, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘FRANCOIS’ නෞකාව 19 වන දින දිවයිනට ළඟා වූ අතර, එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු දැනට අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. ඒ අනුව, ගෑස් සිලින්ඩර 350,000ක් දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු ද වේගවත් කර ඇති බව සමාගම සඳහන් කරයි.


තවද, මෙම සතියේ පැමිණෙන 4 වන නෞකාව වන ‘CORINTHIAN’ නෞකාව, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් සමඟ ඔක්තෝබර් 22 වන දින මෙරටට ළඟා වීමට නියමිත බව සමාගම තහවුරු කරයි.


මෙම තොග ලැබීමත් සමඟ රට තුළ ගෑස් සැපයුම තවදුරටත් ස්ථාවර කරමින්, හිඟයකින් තොරව වෙළෙඳපොළට සුපුරුදු පරිදි ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇත. එබැවින් ගෑස් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර ගනිමින් අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙස ලිට්රෝ ගෑස් ලංකා සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.



ගෑස් බෙදාහැරීම අඛණ්ඩව. ගෑස් බෙදාහැරීම අඛණ්ඩව. Reviewed by News Hub on October 20, 2026 Rating: 5

No comments:

Powered by Blogger.