රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද? - කොළඹ මංගල රැස්වීම උණුසුම් වෙයි!
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී ඇත.
ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙනි.
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මෙහිදී ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිට ඇතැයිද සදහන් වේ.
රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද? - කොළඹ මංගල රැස්වීම උණුසුම් වෙයි!
Reviewed by Tricks And Tips
on
June 15, 2025
Rating:

No comments: